28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින් අද දහවල් විරෝධතාවක

රජයේ සේවකයින් අද දහවල් විරෝධතාවක

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (27) විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතන ඉදිරිපිට අද (27) දහවල් 12.00ට මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සන්ධානය සඳහන් කළේ.

මෙහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර තිබෙනවා.

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකළ දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාගැනීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.