ගතවූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණයට ලක් වී ඇති බවත් ඉන් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ඊට පිළිතුරු ලබා දෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ගැබ්ගත් දැරියන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම ඊට අදාළ තොරතුරු සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බවත් ඇය අවධාරණය කළාය.