31 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දරුවන්ට සපත්තු වවුචර් බෙදීම 04 වැනිදා ඇරඹෙයි

පාසල් දරුවන්ට සපත්තු වවුචර් බෙදීම 04 වැනිදා ඇරඹෙයි

දෙසැම්බර් මස 04 වැනිදා සිට සපත්තු වවුචර් බෙදාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දෙසැම්බර් මස 04 වැනිදා ඇරඹෙන වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

එමෙන්ම මේ යටතේ දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බවත් දුෂ්කර, අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.