පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බවයි.
ඒ අනුව ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.