― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවමගුලක් වූ තායිලන්තයේ අරුම පුදුම මංගලෝත්සවය

අවමගුලක් වූ තායිලන්තයේ අරුම පුදුම මංගලෝත්සවය

තායිලන්ත පැරා මළල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු ඔහුගේ මංගල දිනයේදී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චතුරොං සුක්සුක් නැමැති 29 හැවිරිදි පැරා මළල ක්‍රීඩකයා පසුගිය සෙනසුරාදා ඊසානදිග තායිලන්තයේදී 44 හැවිරිදි වියේ පසු වූ කාංචනා පචුන්තුඑක් නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ වී තිබෙනවා.

මෙම මංගල උත්සවය අතරතුර මනාලයා විසින් මනාලියට, ඇයගේ 62 හැවිරිදි මවට, 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා පසුව ඔහු ද සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමෙන් මංගල උත්සවය සඳහා සහභාගී වී සිටි දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් අයෙක්ද රෝහල්ගත කළ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මංගල උත්සවය අතරතුර මනාල යුවළ අතර ඇති වූ යම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකළ බවයි එම උත්සවයට සහභාගී වූ අමුත්තන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතු වූ චේතනාව තවමත් පැහැදිලි නොමැති බවයි පරීක්ෂණ සිදුකරන තායි ආරක්ෂක අංශ පැවසුවේ. මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ තුවක්කුව සහ පතොරම් නීත්‍යානුකූලව මිලදී ගෙන ඇත්තේ පසුගිය වසරේ බවද ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම මනාල යුවළ විවාහ වීමට පෙර වසර තුනක් එකට ජීවත් වූ බවයි තායි මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී චතුරොං සුක්සුක්, පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත ක්‍රීඩකයෙක්.

ඔහු ලබන මාසයේ තායිලන්තයේ පැවැත්වෙන Abilitysport Games ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි අයෙක් බවයි වාර්තා වුණේ.