― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝක ප්‍රකට සූපවේදී ගැරී ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී ගැරී ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී ගැරී මිහිගන් (Gary Mehigan) ඊයේ (27) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

වැඩමුළු කීපයක් සඳහා මෙම ඕස්ට්‍රේලියානු ජාතික සූපවේදියා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 172 දරණ ගුවන් යානයෙන් ඊයේ (27) රාත්‍රී 11.08ට පමණ ඔහු මෙරටට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

සූපවේදී ගැරී මිහිගන් එළඹෙන 30 වනදා සහ දෙසැම්බර් 02 වනදා ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසක් සමඟ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයේදී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් පිළියෙල කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම එළඹෙන 30 වනදා සහ දෙසැම්බර් පළමු වනදා යන දෙදින තුළ මෙරට ජනතාව මුණගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන වැඩසටහනකට ද ඔහු එක්වීමට නියමිතයි.

ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන ‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන්, ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණවල නියැලෙමින් අත්දැකීම්ලත් සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළකර ඇති අයෙක්.