― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentඅධිවේගයේ අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට

අධිවේගයේ අනතුරක් – කාන්තාවක් ජීවිතක්ෂයට

අධිවේගී මාර්ගයේ කොට්ටාව – අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කණුව අසළදී ලොරි රථයක පිටුපසින් පැමිණි තවත් ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (28) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, සෙවනගල, කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්. ඇඹිලිපිටිය බලා යෑමට කඩුවෙල අධිවේගී පිවිසුම අසළදී ඇය මෙම ලොරි රථයට ගොඩ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ලොරි රථය කඩුවෙල දෙස සිටකොට්ටාව දෙසට ගමන් කිරීමේ දී අතුරුගිරිය කිලෝමීටර් 03 කණුව ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ තවත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් ලොරි රථය පොහොර තොගයක් පටවාගෙන කොළඹ සිට ඇඹිලිපිටියට යමින් තිබූ කන්ටේනර් රථයක් බවයි අතුරුගිරිය අධිවේගී පොලිස් මුරපොළ සඳහන් කළේ.