― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර

කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (27) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති පලතුරු හා එළවළු ප්‍රදර්ශනය අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මෙම සහල් තොග ලැබීමත් සමග සහල් මිල ඉහළ යාම පාලනය කිරීම හා සහල් හිඟය තුරන්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එළැඹෙන උත්සව සමය ඉළක්ක කරමින් ඇතැම් සහල් ව්‍යාපාරිකයින් විසින් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇති කර තිබෙනවා. නමුත් රට තුළ කිසිදු සහල් හිඟයක් නැහැ. අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ තිබෙනවා. ඇතැම් ගොවීන් ද වී මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂවෙන් වී තොග රඳවාගෙන සිටිනවා.

කීරි සම්බා සහල් රට තුළ හිඟයක් නැහැ. පසුගිය මහ කන්නයේ දී වී වගා කරන ඉඩම්වලින් සියයට 07ක කීරි සම්බා වගා කළා. ඉන් මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලැබුනා. නමුත් රජය විසින් ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යාමට පියවර නොගැනීම නිසා මේ වනවිට ඇතැම් සහල් මෝල් අයිතිකාරයෝ කීරි සම්බා මිල ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම සහල් හිඟයක් රට තුළ නිර්මාණය කර තිබෙනවා.”