― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් ජීවිතක්ෂයට

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් ජීවිතක්ෂයට

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් (Henry Kissinger) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මියයන විට 100 හැවිරිදි වියේ පසුවූ බවයි.

ඔහු නික්සන් සහ ෆෝඩ් පාලන සමයේදී අමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් ලෙස සේවය කරනු ලැබුවා.

ප්‍රකාශයක් නිකුත් කරමින්, ඔහු විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates කියා සිටියේ ජර්මනියේ උපත ලද හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා Connecticut හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.

1923 දී ජර්මනියේ උපත ලද Kissinger, ඔහුගේ පවුල නාසි ජර්මනියෙන් පලා ගිය විට 1938 දී මුලින්ම එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා.

ඔහු 1943 වසරේ දී එක්සත් ජනපද පුරවැසියෙකු වූ අතර වසර තුනක් එක්සත් ජනපද හමුදාවේ සහ පසුව ප්‍රති බුද්ධි බලකායේ සේවය කරනු ලැබුවා.

උපාධිය, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ගැනීමෙන් පසු ඔහු හාවඩ් හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඉගැන්වීම් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.