32 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොර ලබා නොගත් ගොවීන්ට දැනුම්දීමක්

පොහොර ලබා නොගත් ගොවීන්ට දැනුම්දීමක්

යල කන්නයේ යූරියා පොහොර සදහා නිකුත් කළ වවුචර් පත්වලට පොහොර ලබා නොගත් ගොවීන්ට ලබන දෙසැම්බර් 15 වැනිදාට පෙර පොහොර ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ රජය විසින් යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන් වෙත වවුචර් පත් නිකුත් කළ අතර එම වවුචර් පත්වලට පොහොර ලබා නොගත් පිරිසක් සිටින බවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව අදාළ පොහොර මිලදී නොගත් වවුචර් පත් මෙවර මහ කන්නය සදහාද භාවිත කිරීමට අවසර දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.