― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉහළ අහසේදී ගුවන්යානයකින් ජලය කාන්දු වෙයි

ඉහළ අහසේදී ගුවන්යානයකින් ජලය කාන්දු වෙයි

ගුවන්ගත වී ගමන් කරමින් තිබූ ගුවන් යානයක මගී ආසනවලට ඉහළින් පිහිටි කොටසකින් ජලය කාන්දු වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එයාර් ඉන්දියා (Boeing B787 Dreamliner) ගුවන් යානයක් වන මෙය නවදිල්ලි නුවර සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරමින් සිටියදීයි මෙම අත්දැකීමට මුහුණ දීමට මගීන්ට සිදුවී ඇත්තේ.

ගුවන් යානය තුළ ජලය කාන්දු වීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ගුවන් යානයේ එක් කොටසක මගීන් රැස්ව සිටින අතර අනෙක් කොටස හිස්ව පවතින ආකාරය එහි සඳහන්. මෙම සිදුවීමත් සමග ගුවන් යානයේ නියමුවා මගීන් අමතන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණ ද එම සන්නිවේදනයේ සමස්ත තොරතුරු වීඩියෝවේ දැක්වෙන්නේ නැහැ.

එයාර් ඉන්දියා බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් දිල්ලි සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපළ දක්වා පියාසර කරන අතරතුර මෙම සිදුවීම සිදු වූ බව ට්විටර් පරිශීලකයෙකු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජලය කාන්දු වීමට හේතුව තවමත් නිශ්චය කර නැහැ.
ඇතැම් විට ගුවන්යානයේ ඝණීභවනය වූ හිම මෙලෙස දියවී යන්නට ඇති බවට ද ඇතැම් ට්විටර් පරිශීලකයන් සඳහන් කර තිබෙනවා.

2018 වසරේදීද ෆ්‍රෑන්ක්ෆර්ට් සිට දිල්ලිය දක්වා පැමිණෙමින් සිටියදී මෙවැනි සිදුවීමකට තමා මුහුණ දුන් බව එක් ට්විටර් පරිශීලකයෙකු සඳහන් කර තිබෙනවා.

මෙය සාමාන්‍ය දෙයක් වන අතර ගුවන් සේවිකාව සඳහන් කර තිබී ඇත්තේ එය නතර වන තෙක් ඉවත්ව සිටින ලෙසටයි. විනාඩි 10 කට පසුව එය යථා තත්ත්වයට පත්වූ අතර ඇතැම්විට වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවටයි එම ගුවන් මගියා ප්‍රකාශ කර ඇත්තේ.