31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ලොරි රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසළදී කුඩා ලොරි රථයක් අනතුරට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවල ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කොංක්‍රීට් දමා බද්දේගම බලා යමින් සිටි පිරිසක් රැගන් ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක් රථය පෙරළීමෙන් පසු කොන්ක්‍රීට් මැෂිමට යට වී බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.