― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසිරමැදිරියේ ගුටි කෙළියෙන් රැඳවියෙක් ජීවිතක්ෂයට

සිරමැදිරියේ ගුටි කෙළියෙන් රැඳවියෙක් ජීවිතක්ෂයට

මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහි රඳවා සිටි සෙසු රැඳවියන්ගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් මෙම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ සැකකරු මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී රෝගාතුර වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාගැනීන සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ඉන් අනතුරුවයි රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (30) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හිසට මොට ආයුධ වලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවටයි.