― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsAccidentරිය අනතුරකින් මිතුරන් දෙදෙනා අවසන් ගමන් යයි

රිය අනතුරකින් මිතුරන් දෙදෙනා අවසන් ගමන් යයි

යාපනයේ – කලුන්දෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් යහලුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගමන් ගත් වෛද්‍යවරයකු සහ ඔහුගේ අනෙක් යහළුවා බවයි.

මෙම අනතුරින් අනෙක් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාද බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරයා ඔහුගේ යහළුවෙකු සමඟ යාපනය නගරය දෙසට යමින් සිටියදී කලුන්දෙයි ප්‍රදේශයේ සිට පැමිණි යතුරු පැදියක් වෛද්‍යවරයාගේ යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

කෙසේනමුත් මෙම අනතුරෙන් වෛද්‍යවරයා හා ඔහුගේ මිතුරා සිද්ධිය වූ ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් යතුරුපැදියේ සිටි දෙදෙනාම මාරාන්තික තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.