― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතවදුරටත් මේ ආණ්ඩුව එක්ක අපිට කතා නෑ

තවදුරටත් මේ ආණ්ඩුව එක්ක අපිට කතා නෑ

වත්මන් ආණ්ඩුව සමග තවදුරටත් සාකච්ඡා අවශ්‍ය නොවන බව ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියයට 51 කින් අඩු කර තිබෙන මොහොතක, ඔවුන්ගේ පෝෂණ, සෞඛ්‍ය සහ මානසික තත්වය කඩා වැටී තිබෙන මොහොතක, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් හඬ නඟමින් සාමකාමී අයුරින් උද්ඝෝෂණය කර එය අවසන් කරන මොහොතේ නිරායුධ සාමකාමී කාන්තා පිරිසකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

ආණ්ඩුවේ බලධාරීන් සතුටු කිරීම සඳහා නව වැඩබලන පොලිස්පති විසින් නිරායුද, සාමකාමී කාන්තා පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි කී මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළේ එක අතකින් ආණ්ඩුවේ හෙලුව ජනතාවට පෙන්නන එක ගැන සතුටු විය යුතු බවයි.