තම මවගේ මළ සිරුර සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දෝර් පොලිසිය මඟින් 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම සැකකරුගේ 70 හැවිරිදි වියේ පසු වූ මව පෙනහළු ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගියදා රෝහල්ගත කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුව ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා ඇයගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කරගෙන රැගෙන ගොස් ඇති බවත් පසුගිය 01 වැනිදා සහ 02 වැනිදා යන දෙදින තුළ දී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ වීදියක මළ සිරුර තබාගෙන ඒ සමඟ ලිංගිකව හැසිරී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේදී මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 297 (ඕනෑම මනුෂ්‍ය මළ සිරුරකට අගෞරවයක් දැක්වීම) යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ද යන්න අනාවරණය කරගැනීමට වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබූ බවයි.