― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසාමණේර හිමිනමක් අපයෝජනය කළ භික්ෂූන් 10ක් සොයා පරීක්ෂණ

සාමණේර හිමිනමක් අපයෝජනය කළ භික්ෂූන් 10ක් සොයා පරීක්ෂණ

බාලවයස්කාර සාමණේර හිමිනමක් වසර තුනක් පුරා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ ප්‍රදේශ කීපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා ගම්පොල පොලිස් කොට්ඨාසට අයත් ගලහ පොලීසිය පරීක්ෂණයක් අරඹා තිබේ.

13 හැවිරිදි මෙම සාමණේර හිමිනම වයස අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

තලාතුඔය, රටේමුල්ල, ගලහ, හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා අනෙකුත් භික්ෂූන් වහන්සේලා විසින් මෙම හිමිනම අපයෝජනයට ලක් කර තිබේ.

මෙම හිමිනම විසින් තම මවට මේ බව පැවසීමත් සමඟ එම මවගේ පැවිදි වී සිටින අනෙක් පුතා සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමණේර හිමි බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා අතින්ද එහිදී මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක්වී තිබෙනවා.

මෙය දැනගත් මව ඉන්පසු එම හිමිනම රැගෙන ගොස් ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදී ඇති අතර එහිදී මෙම හිමිනමට බඩේ අමාරුවක් සෑදී කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මෙම සාමණේර හිමිනම මෙලෙස දීර්ඝ කාලයක සිට අපයෝජනයට ලක්ව ඇති බවයි.

ඒ අනුව උන්වහන්සේ සිටි විහාරස්ථාන පිහිටි පොලිස් ස්ථානවලට මේ පිළිබඳව දැනුම්දුන් පසුයි මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ.

මේ පිළිබඳ දැනගත් එම විහාරස්ථානවල හිමිවරුන් පොලීසිය මඟ හරිමින් සිටින බවයි පරීක්ෂණ පවත්වන ගලහ පොලීසිය පවසන්නේ.