32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දූෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළද එලෙස ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.