― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින 04කදී ඩෙංගු රෝගීන් 999ක්

දින 04කදී ඩෙංගු රෝගීන් 999ක්

දෙසැම්බර් මාසයේ ගෙවීගිය දින 04ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 999ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම එම දින 04 ඇතුළත ඩෙංගු රෝගීන් 16 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ (04) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 77,487ක් වාර්තා වී තිබෙන අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 54ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් රෝගීන් 36,266ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 47.1%කි.

මධ්‍යම පළාතෙන් රෝගීන් 9,718ක් වාර්තා වී ඇති අතර එය 12.5%ක ප්‍රමාණයක් ගනී.

වයඹ පළාත තුළින් රෝගීන් 6,684ක් වාර්තා වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 8.6%කි. එසේම සබරගමුව පළාත තුළින් රෝගීන් 6,290ක් වාර්තා වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 82%කි.

සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,363ක් වාර්තා වී තිබේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,162ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,741 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,804ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,622ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3,044ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 3,246ක් වාර්තා වී තිබෙන අතර පොදුවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.