― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsටයිල් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩවල මිල පහළට

ටයිල් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩවල මිල පහළට

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟයි ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල මෙලෙස පහත වැටී ඇත්තේ.

එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර පැවසුවේ මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනායන සීමා ඉවත්කරනු ලැබුවේ වසර තුනහමාරකට පසුව බවයි.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය. මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් ඉතා හොඳ පන්නරයක් මේක.