30.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentසුරතලා බේරගන්න ගිය කතක් දුම්රියට බිලිවෙයි

සුරතලා බේරගන්න ගිය කතක් දුම්රියට බිලිවෙයි

වැල්ලව, පහළ වරද්දන ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් ඊයේ (05) දහවල් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රඝාමී දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක දෙදරු මවක්.

මෙම කාන්තාව විසින් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා දුම්රියේ ගැටීමෙන් බේරාගැනීමට යාමේ දී ඇය මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දුම්රියේ ගැටුණු කාන්තාව එම ස්ථානදීම මියගොස් ඇති අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.