― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදෙමාපියන්ගේ බැනුම් දරාගත නොහැකිව දැරියක් සියදිවි නසාගනී

දෙමාපියන්ගේ බැනුම් දරාගත නොහැකිව දැරියක් සියදිවි නසාගනී

සාමාන්‍ය පෙළ විභාගයෙන් අඩු ප්‍රතිඵල ලැබූ සිසුවියක් දෙමාපියන්ගේ දෝෂාරෝපණ දරාගත නොහැකිව සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ අරාලි නැඟෙනහිර වලෙයි අම්මාන් වීදියේ පදිංචි 17 හැවිරිදි දැරියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම දැරිය ඊයේ (05) සිය නිවසේදීයි ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ.

දැරියගේ මෘත දේහය යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඉන් අනතුරුව දේහය ඥාතීන් වෙත බාර දී ඇති බවයි.