27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතා අතින් දූෂණය වූ පෙම්වතිය සියදිවි නසා ගනී

පෙම්වතා අතින් දූෂණය වූ පෙම්වතිය සියදිවි නසා ගනී

බදුල්ල – රිදිපාන ප්‍රදේශයේදී පෙම්වතාගේ අතවරයට ලක්වූ බව කියන බාලවය්ස්කාර පෙම්වතිය සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ බදුල්ල, වේවැල්හින්න ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකි.

බදුල්ල ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම දැරිය සිය පෙම්වතා සමඟ රිදිපාන කන්ද නැරඹීමට පසුගිය 03 වැනිදා ගොස් තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පෙම්වතා විසින් ඇය දූෂණය කර ඇති බවයි.

නිවසට පැමිණීමෙන් පසු තමා ගැන කලකිරුණු දැරිය නිවසේ තිබූ ඖෂධ පානය කර තිබෙනවා.

ඉන් බරපතල ලෙස අසාධ්‍ය වූ දැරිය ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දැරිය පෙරේදා (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ජීවිතක්ෂයට පත් වූ දැරියගේ පෙම්වතා ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

ළමා හා කාන්තා විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.