― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවවුනියාවේ කඩු ප්‍රහාරයක් – දෙදෙනෙකුට තුවාල

වවුනියාවේ කඩු ප්‍රහාරයක් – දෙදෙනෙකුට තුවාල

වව්නියාව ඔයාර්චින්නකුලම් ප්‍රදේශයේදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

වව්නියාව, ඔයර්චින්නකුලම් ප්‍රදේශයට බීමතින් පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී තිබෙනවා.

පහරදීමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.