― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුළ කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.