31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පාතාල නායක ‘අංගොඩ ලොක්කාගේ’ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතායි.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් 2021 ඔක්තෝබර් මාසයේදී රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණා.