27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්පාරේ වෙඩි තැබීමක් - අයෙක් රෝහලට

අම්පාරේ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට

අම්පාර – මහඔය ප්‍රදේශයේ ගව ගාලක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මහඔය – දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ පුද්ගලයා මහඔය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සහ ගව ගාලේ හිමිකරු ගවයින් කෑ ගසන ශබ්දයක් ඇසෙන බවට අසල්වැසියෙකු ලබාදුන් තොරතුරකට අනුව යතුරුපැදියකින් එම ස්ථානයට ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ එහිදී ගව ගාල ආසන්නයේ ගල්තලාවක් මත සිටි පුද්ගලයින් හතරදෙනකු පලා යෑමට උත්සහ කර ඇති අවස්ථාවේදීයි වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.