― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආයුධ බිම තබා යටත් වෙන්න - ඊශ්‍රායල අගමැති

ආයුධ බිම තබා යටත් වෙන්න – ඊශ්‍රායල අගමැති

ආයුධ බිම තබා යටත් වෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට පවසා තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වී මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් පලස්තීන කණ්ඩායමේ අවසානය ආරම්භ වී ඇති බව සඳහන් කළ නෙතන්යාහු අගමැතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තබා නොගන්නැයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ හුවමාරුවකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් සිදුනොවන බවයි.

සාකච්ඡාවලින් තොරව වෙනත් රහසිගත මෙහෙයුම් දියත් කළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු ප්‍රාණය සහිතව සිය භූමියෙන් පිටව නොයනු ඇති බව ද හමාස් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි වාර්තා වුණේ.

මාස දෙකකට වැඩි කාලයක් පවතින ගසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට පලස්තීන වැසියන් 17,997ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් බහුතරයක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වන්නේ. මේ අතර ඊශ්‍රායල සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 1,200ක් පමණ මෙම යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.