― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් යුවළකගේ රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

විදෙස් යුවළකගේ රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බංග්ලාදේශ යුවළකගේ රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසනවා.

ගෙළ බැදි රන්මාලය සහ රන් පෙන්ඩන් තුනක් සැකකරුවන් විසින් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස කොල්ල කන ලද රන් ආභරණ හෙට්ට්වීදිය ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

කිරුළපන – බේස්ලයින් මාර්ගයේ දී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, සැකකරුවන් අත්අඩංගුට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.