29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තරය යළිත් රුපියල් 50 පන්නයි

බිත්තරය යළිත් රුපියල් 50 පන්නයි

මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මුදලකට අලෙවි වනවා.

පාරිභෝගිකයින් චෝදනා කරන්නේ වෙළෙඳපොළේ රුපියල් 35-42 දක්වා මිලකට අලෙවි වූ බිත්තරයක් පසුගිය සති අන්තයේ සිට රුපියල් 52කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇති බවයි.

ලබන වසරේ සිට බිත්තර ආනයනය නතර කරන බවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමග උත්සව සමයට තවත් සති දෙකකටත් වඩා තිබියදී බිත්තර මිල ඉහළ දැමීමට වෙළෙඳුන් ක්‍රියා කර ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.