හල්දුල්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.
නායයෑමේ අවදානමක් හේතුවෙනුයි මෙලෙස එම පවුල් ඉවත් කර ත්තේ.
මීට පෙරද එම ප්‍රදේශයේ නායයෑමේ ලක්ෂණ මතුවීමත් සමඟ පවුල් 31ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත්තා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ වනවිට පුද්ගලයින් 279 දෙනෙකු කැළිපනාවෙල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.


