27 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදක්ෂිණ අධිවේගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූ⁣ව හුවමාරුවෙන් වැලිගම සහ කනංකේ දක්වා සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ වැලිගම හා කනංකේ අතර ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

කෙසේවෙතත් විශාල ප්‍රමාණයේ වාහන සඳහා එම ස්ථානයෙන් ගමන් කිරීමට බාධාවක් නොමැති බවත් ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා.