29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබණ්ඩි පොහොරවල උපරිම මිල ප්‍රකාශයට

බණ්ඩි පොහොරවල උපරිම මිල ප්‍රකාශයට

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුට උපදෙස් ලබාදී තිබෙනවා.

2023 මහ කන්නය සඳහා දැනට පවතින සියලු පොහොර ප්‍රමාණයන් පිලිබඳ සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (12) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී තිබෙනවා.

මේ නිසා යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර බණ්ඩි පොහොර සඳහා වන මිල ගණන් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් දුන්නා.