― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබෙලරුසයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ නිවේදනයක්

බෙලරුසයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ නිවේදනයක්

බෙලරුසයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එම සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීමට හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇති බවය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ විශ්ව විද්‍යාලවල පරිපාලනය සහ දෙමාපිය කණ්ඩායම් සමග පැවති සාකච්ඡාවල එකඟතාවන් මත මෙම කටයුතු සිදුකෙරෙන බව සඳහන් වේ.

තාවකාලිකව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන මෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ බෙලරුසයේ අධ්‍යාපනය ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.