29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී මත්පෙති තොගයක් නාවික හමුදාව භාරයට

නීතිවිරෝධී මත්පෙති තොගයක් නාවික හමුදාව භාරයට

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයේ තම්මැණ්ණා සහ ගජබා ආයතන විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්පෙති හමුවී ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් 4ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී, එම පාර්සල් තුල ඇසුරුම් කර තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම මත්පෙති තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.