― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentකඩුවෙල පාලම අසළ අනතුරක් - තරුණයෙක් ජීවිතක්ෂයට

කඩුවෙල පාලම අසළ අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

ඊයේ (13) රාත්‍රියේ කඩුවෙල පාලම අසළ සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කඩුවෙල පාලම අසල මාර්ගයේ අයිනට වන්නට නවතාගෙන සිටි යතුරුපැදිය එක්වරම පාර දෙසට පෙරළී යාමත් සමඟ යතුරුපැදිකරු ඒ අසළින් ගමන් කළ ලොරි රථයේ පිටුපස රෝදයට හසුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වි තිබේ.

මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්තේගොඩ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අවුරුදු 33 ක තරුනයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

කඩුවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.