භාණ්ඩවල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදී අදහස් දක්වමිනි.
“වැට් බද්ද 18% කින් වැඩි වනවිට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් මට පීඩනයක් තිබෙනවා. කෙසේවෙතත් මේ අවස්ථාවේදී රට පවතින තීරණාත්මක අවධිය නිසා සියලු දේයට වඩා රාජ්‍ය ආදායම වටිනවා. ඒ කෙසේ වෙතත් අතරමැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවා. පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපයේදී මේ ගැන මැදිහත් වීමක් කරනවා.“