― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකලා වැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලා වැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් යළි විවෘත කිරීමට කලා වැව ජලාශ කාර්යාලය කටයුතු කර තිබෙනවා.

කලා වැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (13) රාත්‍රියේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමග කලාවැවේ ජලමට්ටම ඉහළ යාමත් සමග අද පස්වරු 3 සිට එම හදිසි වාන් දොරටු විවෘත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එමගින් තත්පරයට ඝන අඩි 2017ක ජල ප්‍රමාණයක් මේ වනවිට කලා ඔයට මුදා හැරෙමින් පවතිනවා. දඹුලු ඔය ඇතුළු ජල මූලාශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝණ අඩි 2811ක ප්‍රමාණයක් කලාවැවට මේ වනවිටත් එක්වෙමින් පවතින බවයි කලාවැව ජලාශ කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කලාවැව ජල ධාරිතාවය තවදුරටත් ඉහළ ගියහොත් හදිසි වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව ද එම කාර්යාලය ප්‍රකාශ කළා.

මේ වනවිටත් එම ප්‍රදේශයට වර්ෂාව ගලැබෙමින් පවතින අතර පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේ බොහෝදුරට කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බව සඳහන්.

එසේ වුවහොත් කලා ඔයේ ජල ධාරිතාවය තවදුරටත් ඉහළ යා හැකි බැවින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවධානයෙන් සිටින ලෙසටයි කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.