27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථ රියදුරෙක් කපා කොටා ඝාතනය කරලා

බස් රථ රියදුරෙක් කපා කොටා ඝාතනය කරලා

හංවැල්ල, තුම්මෝදර හංදිය ආසන්නයේ රථ රියදුරෙක් අද (15) උදෑසන කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇගළුම් කර්මාන්තශාලාවක බස් රථයක රථ රියදුරෙක් බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා උදෑසන පූජා කිරීම සඳහා මල් කඩමින් සිටි අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු කොළඹ බලා ගමන් ගත් දුම්රියකට වග දුම්රිය ස්ථානයෙන් ගොඩ වී පළායන අවස්ථාවේ දී මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හංවැල්ල පොලිසියට භාර දී තිබෙනවා.