― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් නිලධාරීන් යැ‍යි පවසා රන් දම්වැලක් සොරාගෙන

පොලිස් නිලධාරීන් යැ‍යි පවසා රන් දම්වැලක් සොරාගෙන

පොලිස් නිලධාරීන් යැයි පවසමින් නිවසකට ඇතුළු වී එම නිවසේ තිබූ රන් දම්වැලක් සොරාගෙන ගෙන ගිය කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාරියපොල පොලීසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ හොරොම්බුව, බද්‍රාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම සොරකම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පුද්ගලයින් කීපදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැමිණ බණ්ඩාරගම පොලීසියෙන් යැයි පවසා ඉන් දෙදෙනෙකු අදාළ නිවස තුළට ඇතුල් වී නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අනතුරුව ඔවුන් නිවසින් පිටව ගොස් ඇති අතර පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ තිබූ පවුම් 1 ½ ක රන් දම්වැල නොමැති බවටයි දැනගන්නට ලැබී ඇත්තේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී ආබාධිත මව සහ තමන් පමණක් නිවසේ සිටි බවයි නිවස හිමි කාන්තාව පොලීසිය පවසා ඇත්තේ.