― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෝටි 03ක භාණ්ඩ සමඟ සිව්දෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

කෝටි 03ක භාණ්ඩ සමඟ සිව්දෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි අද (19) අලුයම මොවුන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් නිරන්තරයෙන් ගුවන් මගින් ඩුබායි ඇතුළු වෙනත් රටවලට ගොස් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම භාණ්ඩ තොගය පිළිබඳ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණක, අයි ෆෝන්, විවිධ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ස්වර්ණාභරණ, විවිධ වර්ගයේ විස්කි, සුවද විලවුන් සහ මෝටර් රථ අමතර කොටස් වනවා.

මොවුන් සිවුදෙනා කැළණිය, වීරකැටිය, පුත්තලම සහ කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ට මේ ආකාරයට නිරන්තරයෙන් විදේශගත වෙමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම සදහා, ඔවුන් සතු ආර්ථික පසුබිම සොයා බලා, ඒවා පිළිබඳ ඉදිරි කාලයේ නෛතික පියවර ගැනීමටද පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

මෙම පුද්ගලයන් සිව්දෙනා සහ මෙම භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.