ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ම ලබන 25 වැනිදායින් පසු වැසී යාමට ඉඩ ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට දැනට ලැබෙන 2.75ක කොමිස් මුදලින් 35%ක මාසික බෙදුම්කාර ධුර ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.
අදාළ ගාස්තුව ලබන 25 වැනිදාට පෙර ගෙවා නොදමන්නේ නම් එදින සිට ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිත තර්ජනයක් ද ඉදිරිපත් කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.