30 C
Colombo
Wednesday, April 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කඳාන, සෙබස්තියන් මාවතේ නිවසක විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මියගොස් සිටි නිවසේ කිසිවෙකුත් පදිංචිව සිට නොමැති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හමුවේ පවසා ඇත්තේ සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් නිවසේ ජනේලවලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබූ බවයි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.