29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉටුකම වෙබ් අඩවිය භාවිතයෙන් ඉවතට

ඉටුකම වෙබ් අඩවිය භාවිතයෙන් ඉවතට

ඉටුකම වෙබ් අඩවිය සහ Domain නාමය භාවිතයෙන් ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තවදුරටත් පවත්වා ගෙන නොයාමටයි ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත්තේ

කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ ඉදිරිපත් කරමින් පසුගිය 2022 වසරේ 2022 ඔක්තෝබර් මස 28 වනදා සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කර තිබුණා.

මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වෙමින් පවතින්නේ ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණයි.

මේ වනවිට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දෙන්නේ.