26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනත්තල් දා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

නත්තල් දා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් දැක බලා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙවර නත්තල් දින උත්සවය සහ නව වසර ‌වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීම (open visit) සිදු කිරීම සඳහා බන්ධනාගාර නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දිවයිනේ සියලු බන්ධනාගාරවලදී රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සිදු කෙරෙනු ඇති. එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සිරකරුගේ ඥාතීන් විසින් ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට ලබාදීමට කටයුතු කරන ලෙසටයි ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ. එමෙන්ම තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙසට ද අවධාරණය කෙරෙනවා.

එදිනට නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාරයන්හි හා පිටත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් පොලිසිය සමග එක්ව සිදු කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා උපදෙස් දී ඇත්තේ.