29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩපිළිවෙළ ජනවාරි 2 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.

මේ අතර අද (27) පෙරවරු 7.30 ට කොළඹ, කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (28) පෙරවරු 7.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුවට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.