25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිසබයේ විස්සක් රට සවාරි ගිහින්

මැතිසබයේ විස්සක් රට සවාරි ගිහින්

අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නුවරඑළිය මන්ත්‍රී බංගලාවේ කාමර මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින් වෙන් කර අවසන් බව මන්ත්‍රී සේවා අංශය පවසනවා.

ඒ අනුව මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.