ගතවුණු වසර පහක කාලය තුළ නිවසක් නොමැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වූ බවයි.
ආර්ථික දුෂ්කරතා වැඩිවීම හේතුවෙන්, නිවෙස් අහිමි එංගලන්ත වැසියන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.
මේ වනවිට එංගලන්තයේ ජීවන වියදමද සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.