― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනාසා කැලැන්ඩරේටත් ගිය අපේ පුංචි සිඟිත්තා

නාසා කැලැන්ඩරේටත් ගිය අපේ පුංචි සිඟිත්තා

නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගැනීමට මෙරට පුංචි සිඟිත්තෙක් සමත් වී තිබෙනවා.

නමින් දහම් ලෝෂිත ප්‍රේමරත්න වන මෙම පුංචි සිත්තරා ජීවත් වන්නේ තිරප්පනේ ප්‍රදේශයේ.

චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන මෙම පුංචි හපනා තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

මොහු විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියක් පිළිබඳවත් දහම්ට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ‘අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම’ තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ චිත්‍රයට ලෝකයේ බොහෝ රටවල පුංචි දරුවන් ඉදිරිපත් කළ චිත්‍ර අභිබවා පළමු තැන හිමිවන්නේ ලක්මව තවත් ආඩම්බරයට පත් කරමින්.

ඒ අනුව දහම්ගේ මෙම ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කොට ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.