29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊළඟ මැතිවරණයෙන් බලය ගන්න එකයි අපේ අරමුණ

ඊළඟ මැතිවරණයෙන් බලය ගන්න එකයි අපේ අරමුණ

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘කිරිඳිවැල සතුටු පවුල’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ එහිදී පැවසුවා.

ඉදිරි වසර මැතිවරණ වසරක්. පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්න බළාපොරොත්තුවක් නෑ. ඉන්න සංවිධායකයන්ගෙ වරදක් නැහැ. පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා.

මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා. මම හිතන්නෙ ඒක මේ ආණ්ඩුව කරන හොඳම වැඩක්. මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසයි. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී බලය ලබාගැනීමයි. විපක්ෂයට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. බදු නැතිකරන්න බැහැනේ. බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.”